Friday, August 4, 2017

#kirigalpoththa#hiking#srilankan mountains#horton plains#කිරිගල්පොත්ත #හෝර්ටන් තැන්න


                                                 කිරිගල්පොත්ත අසිරිය

            බතලේගල අලගල්ල වගේ කඳු  නැඟලා තිබුණත් අපේ කඳු නගින set එකේ තිබුණ එක ඉලක්කයක් තමයි ලංකාවේ උසම කඳු  10 නගින එක.

1.පිදුරුතලාගල
2.කිරිගල්පොත්ත
3.තොටුපළ
4.කුඩහගල
5.ශ්‍රී පාදය
6.කිකිලියාමාන
7.ග්‍රේට් වෙස්ටර්න්
8.හක්ගල.
9.කොනිකල් හිල්.
10.මහකුඩුගල.                      

මුලාශ්‍ර -https://en.wikipedia.org/wiki/List_of_mountains_of_Sri_Lanka

            මේකෙන් පිදුරුතලාගල ,ශ්‍රී පාදය විතරයි අපි ගිහින් තිබුනේ.පිදුරුතලාගල  ගිහින් තිබුණත් ඒකේ පහල  ඉඳලා උඩට වාහනේකින් යන්න ඕනි .පයින් යන්න දෙන්නේ නෑ .ඒ විදිහට බැලුවම ඇවිදගෙන යන්න පුළුවන් ලංකාවේ උසම කන්ද තමයි කිරිගල්පොත්ත.ඉතින් අපි හිතුව නැගල බලන්න .මම  මේක ලියන්නේ අපි වගේ යන්න ආසාවෙන් ඉන්න කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා.පියවර විදිහට කිව්වොත් ඔයාලට ලේසි වෙයි .

Train ticket සහ ඉන්න තැන  book කිරීම.

    කිරිගල්පොත්ත කන්ද තියෙන්නේ හෝර්ටන්තැන්න ජාතික  වනෝද්‍යානය ඇතුලේ .ඒක ඇතුලේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති නවතින්න පුළුවන් තැන් 3ක් තියෙනවා.

1.mahaeliya bungalow.
2.Mahaeliya domitory .
3.Ginihiriya Bungalow .

1.mahaeliya bungalow.
මේක තියෙන්නේ පට්ටිපොළ පාරෙන් එද්දි හොර්ටන්තැන්නේ car park eka හම්බවෙන්න 1.5km ට වගේ කලින්.මේකෙ ඉන්න පුළුවන්  10 දෙනා +පොඩි ළමයි  දෙන්නෙක්  විතරයි .එයාල මේක තදින් බලනවා .




2.Mahaeliya domitory.
මේක තියෙන්නේ mahaeliya bungalow එක පහු කරලා ටිකක් දුර car park පැත්තට යනකොට පාරේ දකුණු පැත්තේ .මේකෙ පහසුකම් ටිකක්  අඩූ උනාට 50k දක්වා පිරිසකට එක පාර ඉන්න පුළුවන්.


3.Ginihiriya Bungalow.
මේක හම්බවෙන්නෙ ඔහිය පැත්තෙන් එනකොට.මහඑලිය වගේම මේකෙ ඉන්නත් පුළුවන්  10කට.අපි යන දවස් වලනම්  අලුත්වැඩියා කරමින් තිබුනෙ. 


                    
       මේ තැන් 3 ම වන ජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල office එකෙන් book කර ගන්න පුළුවන්.online book කරන්නත් පුළුවන් .හැබැයි මාසෙකට කලින්වත් bookකරලා තියා ගන්න එක හොඳයි.




      Train එකත් ඉක්මනට book කරන තරමට වාසියි .3rd class book කරලා  යනවානම් ticket එක 400i( book කරන කොට බදුල්ලටම ගන්න ඕනි නිසා.)අපිට එන ticket  විතරයි book කරන්න පුළුවන් උනේ.යන train එක පිරිලා තිබුණේ  දවස් 10කට කලින්ම.යන්න 2nd class ticket ගත්තා (book නෙමේ ) 310යි ඔහියට.
online book කරන්න.
Train time table.

 අපේ trip plan එක.

Colombo - Ohiya -Horton plains - kirigalpotta -horton plains -mahaeliya bungalow - pattipola - colombo .
                     
       අපි  ගියේ කොළඹ බදුල්ල night mail එකේ.ඒක කොටුවෙන් යන්න තිබුනේ 8.00ට.අපි 7 ට විතර කොටුවට ගිහින් බලාගෙන හිටියා.train එක ආවේ 7.40 ට වගේ 3වන flat form එකට.එදා  සතියේ දවසක් උන නිසා සහ ඉක්මනට නැග්ග නිසා seat තිබුණා.train එක නියමිත පරිදිම 8.00ට පිටත් උනා.


       Train එක ඔහියට එන්න තිබුනේ  4.15 ට උනාට 5.15 විතර උනා.අපි අරගෙන ආව සීනි සම්බෝල පාන් station එකේ ඉඳගෙන කාල මූන එහෙම සෝද ගත්තා.කෑම ඔන්නම් පාරෙන් එහා පැත්තෙ තියෙන කඩෙන් ගන්නත් පුලුවන් .
        ඔහිය station එකට පාරේ එහා පැත්තේ තියෙන කඩේ ගාමිණි අයියාගේ.train එකෙන් බැහැලා  එයාට කතා කරලා වාහනයක් set කර ගත්තා.එක ත්‍රීවිල්  එකකට උඩට යන්න 1000ක් යනවා කිව්වා.අපේ සෙට් එකේ 10ක් හිටිය නිසා  ඩබල් කැබ් එකක් 2500කට සෙට් කරලා දුන්නා.ඔහිය ඉඳලා හෝර්ටන්තැන්න car park එකට  11km තියෙනවා .හෝර්ටන්තැන්න gate එක අරින්නේ  6.00 ta 6.00 ඉඳල ඇතුළට යන්න  පුළුවන්.අපි ඔහියෙන් ගියේ 6.30ට.කොහොම උනත් ඉක්මනට යන තරමට හොඳයි .කිරිගල්පොත්ත නැගලා බහින්න පැය 7ක් විතර යන නිසා.

ගාමිණී අයියා - 0575795266
                                           





අපිට mahaeliya bungalow  එක හම්බවෙන්නෙ දවල් 12 ඉඳන් පස්සෙ දවසෙ 11 වෙනකන්.ඒක නිසා අපි කිරිගල්පොත්ත නගින්න කලින් අත්‍යාවශ්‍ය බඩු ටික අරගෙන ඉතුරු ටික horton plains office එකේ තියලා ගියා.අපි යන්න කලින් canteen එකෙන් බත් order කරලා ගියේ .බත් එකක් 180/= ක් උනා.යනකොට කන්න බිස්කට්,පාන් අරව මේවා අරගෙන ගියේ වාසනාවට කියල තේරැනේ කන්ද මුදුනට කිට්ටු වෙන්න ගියාට පස්සෙ.වතුරත් එක්කෙනෙකුට 1L වගේ වෙන්න අරගෙන ගියොත් හොඳයි.              
අපි කිරිගල්පොත්ත නගින්න office  එක ගාවින් පිටත් උනේ උදේ 7.45ට.හවස 3.00 වෙන කොටආපහු office එක ගාවට එන්න පුලුවන්  උනා අපට                                    




  කිරිගල්පොත්තට යන පාර එච්චරම අමාරැත් නෑ.සමහරවිට  අපි ගියේ පායන කාලෙ නිසා වෙන්නත් ඇති.වහින කාලෙදි මඩ වෙනවා සහ ලෙස්සනවා කියලයි ආරංචිය.පාර හොයාගන්න එච්චර අමාරැ නෑ.⁣ලොකාන්තෙට යන පාරෙ යන්නෙ නැතුව කෙලින්ම ගස් අතරෙන් යන පාරෙ ගියාම හරි.අඩි පාර පැහැදිලිව තියෙනවා.හැම තිස්සෙම හොඳටම තියෙන පැහැදිලි පාරෙ යන්න.වරදිනවනම් වරදින්න පුළුවන්  ⁣මගදි බෙලිහුල් ඔය හම්බවෙන තැනදි.එතනදි පැහැදිලි පාර තියෙන්නේ  වමට.හැබැයි යන්න ඕනි දකුණු  පැත්තට තියෙන පාරෙ.      
                                     

                                     
                                   


 4ට කලින් මහඑලියට එන්න කියලා තිබුන නිසා අපි බැහපු ගමන්ම අපි කිරිගල්පොත්ත ඉඳල ආව කියල office එක දැනුවත් කරල මහඑලිය ගන්න පොතෙත් sign ekak දාල ඉක්මණට ගියා .office eke ඉඳලා 2km වගේ යන්න ඕනි.අපි උයන්න ඕනි දේවල් අරගෙන ගියා.මහඑලිය බලා ගන්න ඉන්න වන ජීවී එකේ නිලධාරියාට බඩු ටික දෙන්නයි තියෙන්නෙ.කාමර 3ක් තියෙනවා .ඇඳන් 3+3+4.bathroom එකේ උණු වතුරත් එනවා.ඒත් පොඩි අවුලකට තියෙන්නෙ මෙහෙ phone charge කරගන්න විදිහක් නෑ.ඒක නිසා power bank එකක් අරගෙන යන තරමට හොඳයි. තව signal තියෙන්නේ dialog විතරයි
                                    


අපි උදේ කෑම කාලා 8ට එන්න පිටත් උනා පයින්ම.පට්ටිපොළට 9km වගේ තියෙන්නේ.අපි 11.18 ට පට්ටිපොළට එන පොඩි මැණිකේ train එකේ seat book කරලා තිබුණේ .ඒක හවස 7ට විතර කොළඹට එන නිසා.හැබැයි ඊට පස්සේ එන train එකේ ගියානම් මහඑලිය බංගලාවෙ ඉඳලා එන අතරමගදි හම්බ වෙන ලංකාවේ 3ට උසම කන්ද  වෙන තොටුපොළ කන්දත් නගින්න තිබුනා කියල පස්සෙ හිතුනා.canteen එකේදි හම්බඋන මහත්මයෙක්නම් කිවෙ පැය 2කින් විතර නැගලා බහින්න පුලුවන් කියල.ඒත් මම ගිහින් නැති නිසා sure නෑ.           .                      




      අපි ඔය විදිහට 11වෙන කොට පට්ටිපොළට ආවා..එන ගමනෙදි පොඩි හුලඟක් එක්ක වැස්සකුත් ආවා.rain coat අරගෙන යන එක හොඳයි.මොකද කුඩ ඉහලන්න අමාරැයි හුලඟ වෙලාවට.අපි පට්ටිපොළින් යන ගමනෙදි කන්⁣න දේවල් ටිකක් අරගෙන ටික වෙලාවකින් 11.30ට විතර train එක ආවා .ලොකු ප්‍රමාදයක් තිබුනේ නෑ.අන්තිම්දී හවස 7 වෙන කොට කොටුවට ආවා.train එක රඹුක්කනට එනකන් slow.ඊට පස්සේ නැවැත්තුවේ පොල්ගහවෙල ,වේයන්ගොඩ ,ගම්පහ ,රායම,මරදාන. ඔන්න ඔහොමලු අපි කිරිගල්පොත්තේ ගියේ.ජය :).
වැඩිපුර විස්තර කිරීම සඳහා අවශ්‍ය photos net එකෙන් උස්සන ලදී .
ප.ලි. budget එක 2130.                      

           

Thursday, December 13, 2012

බටදොඹලෙන,කුරුවිට>>>>(soon on)





















 

Sunday, December 2, 2012

බතලේගල(Bible Rock) 

                                                                 අද සිරිලක අසිරියෙන් කියන්න හදන්නේ  බතලේගල කන්ද ගැන. නුවර ඉදල කඩුගන්නාව පල්ලම බැහැගෙන එනකොට ඈතින් පේන පොතක් වගේ කන්ද බතලේගල කියල ඔයාල දන්නවත්  ඇති.අපි බතලේගල කිව්වට මේක‍ට  විදෙශිකයෝනම් කියන්නේ Bible Rock කියල .එකට හේතුව  එකේ තියෙන  මේ අපූරු  හැඩේ වෙන්න  ඕනෙ.බතලේගල  තියෙන්නේ කෑගල්ල දිස්තික්කයේ මාවනැල්ලට  කිට්ටුව .මේකේ උස අඩි 1688ක්  විතර  වෙනවලු .



ඈතට පෙනෙන බතලේගල.


                                                                බතලේගල  අබියස










යන හැටී

                              බස් එකේ යනවනම් කොළඹ - නුවර පාරේ ඇවිත්  මාවනැල්ලෙන් බහින්න .මාවනැල්ලෙන් තියෙනවා දෙබත්ගම කියල බස්(අරනායක බස් වලත් යන්න පුළුවන්ලු ).හැබැසි   බස් නම් ටිකක් අඩුසි   .සාමාන්‍යයෙන්  බස් 1ක් යන්නේ පැයකට සැරයක් .අපි නම් ගියේ උදේ 10.00 ට තිබුන C.T.B බස් එකේ . බතලේගල  ගාවට කියල ටිකට්  ගත්තහම හරි .හැබැසි  මතක් කරලා කොන්දොස්තර මහත්තයට කියන්න  බතලේගල ගාවින් බස්සන්න කියල.බතලේගල ගවට කියල කිව්වට ඇත්තටම එතන බතලේගල හංදිය.එතන ඉදල බතලේගලට  කිලෝමීටර් 2.5 ක් විතර තියෙනවා.එතනින් 3වීල් එකක් කතා කර ගත්තොත් කිලෝමීටර් 1.75 ක් විතර ඒකෙ යන්න පුළුවන්.රුපියල් 350 ක් විතර ගනී. ඉතුරු ටික අඩි පාරක් දිගේ ඉහලට නගින්න තියෙන්නේ .මේ ටික විනාඩි 30 කින් 40 කින් විතර නගින්න පුළුවන් .හැබැයින ටිකක් පරිස්සමෙන් යන්න ඕන.මොකද සමහර තැන් වල අඩිය තියන ඔක්කොම ගල් ලෙස්සනවා .


බතලේගල මස්තකයේ



                                   බතලේගල උඩ ටිකක් තැනිතලාලවක් වගේ බිමක්. ගසුත් ටිකක් අමුතුයි.හරියටම කිව්වොට් පුංචි හෝර්ටන් තැන්නක්  වගේ.උඩ පොඩි පන්සලකුත් තියෙනවා .හැබැයි ස්වාමීන්වහන්සේ කෙනෙක් නම් නැහැ.ඉස්සර  හිටපු ස්වාමීන්වහන්සේ  අපවත් උනාට පස්සේ ස්වාමීන්වහන්සේලා කව්රුවත් ඇවිත් ඉදල නැ. 3වීල් එක එලවපු අයියා කියපු විදිහටනම් උඩ රැට ගොඩක් සීතල හන්දා ස්වාමින් වහන්සේලා ඉක්ක්මනට අසනීප වෙනවලු..




















ශිලා මාවත




                    බස් එකෙන් බැස්ස න ඉඳලම පයින් යන්න පුළුවන් ලඟ පාරකුත් තියෙනවා.මේකේ යනවනම් බහින්න ඕනේ බතලේගල හංදියට එහා හෝල්ට් එකෙන්.අපිනම් කලේ අනිත් පාරෙන් ගිහින් මේකෙන් බැස්සා .මේක හරිම පුදුම පාරක්.කිලෝමීටරයක් විතර තනිකරම  කළුගල් වලින්හැදිලා තියෙන්නේ.හරියට ගල් වඩුවෙක් හදල වගේ.

         බතලේගල නගින්න ඔයාලත් කැමතිනම් දෙපාරක් හිතන්නේ නැතුව යන්න. හරිම අපුරු ගමනක් වෙයි..


Saturday, November 24, 2012

garrison cemetery kandy



 Garrison Cemetery,Kandy






                                                                        අද  සිරිලක  අසිරියෙන්  මම කියන්න යන්නේ Garrison සුසානභුමිය ගැන .නම ටිකක් අමුතු උනාට  මේක තියෙන්නේ ඔයාල හොදට දන්නා තැනක  මේක තියෙන්නේ නුවර කටුගේ  පිටිපස්සේ කටුගෙට   හැරෙන තැනින්ම වගේ කන්ද  පැත්තට "Garrison cemetery Road"කියල පාරක් තියෙනවා.a පාර දිගේ මීටර් 100 ක් විතර යනකොට  අපිට ඕන  තැන හම්බ වෙනවා.ලංකාවේ හිටපු ප්‍රසිද්ධ  ඉංග්‍රීසි  නිලධාරියෙක්  වන Sir Jhon Doyly ගේත් 18,19 සියවස්  වලදී  එක එක  හේතු වලින් මැරුන   තව ගොඩක් ඉංග්‍රීසින්ගේත්   සොහොන් ස්මාරක  මේකේ තියෙනවා .ලොකු දෙයක් නෙමේ උනත්  ගොඩක්  අය  මේක ගැන දන්නේ නැති  හන්ද  මම ඔයාලට කියන්න හිතුවෙ . සුද්දගේ දෙයක්  කියල හිතන්නේ නැතුව  නුවර  ගිය වෙලාවක මේකත්  බලන්න යන්න.ත්තටම බලන්න වටිනා  තැනක්.